පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
381/’18
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට වසර 106ක් සපුරන ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට 75000 කට අධික බාලදක්ෂ දරු දැරියන් අයත් වන බවත්;
(ii) බාලදක්ෂයන් “වැඩ සතියේ” දී වාර්ෂිකව උපයා බාලදක්ෂ මූලස්ථානයට ලබා දෙන රුපියල් මිලියන 8ක මුදල පසුගිය පස් වසරක කාලයේදී නිසි ක්‍රමවේදයකින් තොරව වියදම් කර ඇති බවත්;
(iii) මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේදී බාලදක්ෂ කමිටු සාමාජිකත්වයේ අවසරයකින් තොරව, හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා මහතාගේ හිතවත් සමාගමකට උපදේශක ගාස්තු ලෙස රුපියල් මිලියන 8ක්ද, නිසි පරිදි ඉදිකිරීම් නොකළ ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 14ක්ද ගෙවා ඇති බවත්;
(iv) බාලදක්ෂ “වැඩ සතියේ” උපයන ලද මුදල් භාවිතා කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරකින් තොරව නුවරඑළිය ප්‍රදේශයේ බාලදක්ෂ කඳවුරක් සඳහා ඉදිකරන ලද සිමෙන්ති කුටි තහනම් කිරීම හේතුවෙන් විශාල මූල්‍ය පාඩුවක් සිදුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ වනවිට මෙම මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබේද;
(ii) එහි ප්‍රගතිය කවරේද;
(iii) නොඑසේ නම්, ඉදිරි කාලයේදී මෙම කාරණය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-08
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
බාලදක්ෂ වැඩ සතියේදී ඉපයූ මුදල්: අවභාවිතය
පිළිතුරු දුන් දිනය
2019-09-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks