පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
384/’18
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකර ඇති බර ඉන්ධන (HFO) මඟින් දැනට ක්‍රියාත්මක වන බලාගාරය වසරක කාලයක් තුළ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා එකඟතාවයක් තිබුනේද;
(ii) එම එකඟතාවය කඩ වී තිබේද;
(iii) එම එකඟතාවය කඩවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇති අලාභය කොපමණද;
(iv) එකී බලාගාරය මඟින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දෙන විදුලි ඒකකයක මිල නියම කිරීමට අදාළව ඇතිකර ගන්නා ලද එකඟතාවයන්ට පටහැනිව කටයුතු සිදුවන බව දන්නේද;
(v) ගිවිසුම් ප්‍රකාරව විදුලි සැපයුම්කාර සමාගම ක්‍රියා කිරීම තහවුරු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
(vi) එම එකඟතාවය පරිදි කටයුතු නොකිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වී ඇති පාඩුව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
කෙරවලපිටිය බලාගාරය : සිදු වූ පාඩුව
පිළිතුරු දුන් දිනය
2019-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks