E   |     |  

 දිනය: 2019-02-08   පිළිතුර ලබා දී ඇත 

0391/ 2019 - ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 391/’18

      ගරු තේනුක විදානගමගේ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       පූජනීය ස්ථාන හා පොදු ස්ථාන සඳහා සූර්ය බලශක්ති විදුලි ජනක යන්ත්‍ර කට්ටල සවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේද;

                  (ii)       එසේ නම්, එම එක් එක් ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) එම වැඩසටහන කවර ආයතනයක් හරහා ක්‍රියාත්මක කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මෙම සෑම ව්‍යාපෘතියක් සඳහාම නාම පුවරුවක් සවි කරන්නේද;

      (ii) එසේ නම්, එක් නාම පුවරුවක් සඳහා වැය වන මුදල කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-08

අසන ලද්දේ

ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පූජනීය ස්ථාන හා පොදු ස්ථාන සඳහා සූර්ය බලශක්ති විදුලි ජනක යන්ත්‍ර කට්ටල සවි කිරීම : විස්තර

පිළිතුරු දුන් දිනය

2019-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks