බලන්න

E   |     |  

 දිනය: 2019-02-21   පිළිතුර ලබා දී ඇත 

0398/ 2019 - ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 398/’18

      ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2017 වර්ෂයේ මහ කන්නයේ වට්ටක්කා හා තක්කාලි වැනි භෝගවල අස්වැන්න අලෙවි කිරිමට නොහැකිවීම හේතුවෙන් ගොවීන්ගේ ආර්ථිකය කඩා වැටුනු බව පිළිගන්නේද;

      (ii) මේ හේතුවෙන් වට්ටක්කා මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 05 ක මුදලක්  වෙන්කළ බවට පුවත්පත්වල පළ වූ වාර්තා සත්‍යයක්ද;

      (iii) එසේ නම්, ඒවා මිලදී ගැනීමට හා අලෙවි කිරීමට සම්බන්ධ වූ ආයතන කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉහත එළවළු කිලෝ එකක් මිලදී  ගනු ලැබූ මිල කොපමණද;

       (ii) ඒවා අලෙවි කරන ලද මිල කොපමණද;

      (iii) මිලදී ගත් එළවළු ප්‍රමාණය කොපමණද;

      (iv) මෙම වැඩපිළිවෙළින් රජයට සිදු වූ ලාභය හෝ අලාභය කවරේද;

      (v) මෙම වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය මත එය ඉදිරි වර්ෂයේදීත් ක්‍රියාත්මක කරන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-21

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වට්ටක්කා හා තක්කාලි අතිරික්ත අස්වැන්න අළෙවිය: විස්තර

පිළිතුරු දුන් දිනය

2019-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks