පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
415/’19
ගරු නිහාල් ගලප්පත්ති මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රේගු දෙපාර්තමේන්තුව තුළ නිෂ්පාදන බදු පරීක්ෂක ශ්‍රේණියේ තනතුරු ඇති කර නොමැති බව පිළිගන්නේද;
(ii) 2000.03.27 දිනැති නිෂ්පාදන බදු අංශයට අන්තර්ග්‍රහණය කළ ලිපිය රේගු අධ්යක්ෂ (පාලන) විසින් අත්සන් කර ඇත්තේ රේගු අධ්යක්ෂ ජනරාල් වෙනුවෙන්ද; නොඑසේ නම්, නිෂ්පාදන බදු අධක්ෂ ජනරාල් වෙනුවෙන්ද;
(iii) රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට පමණක් නිෂ්පාදන බදු පනත යටතේ පැවරූ බලය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව 2016.03.23 දිනැති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නියෝග අංක 10න් අවධානයට ලක් කරන තත්ත්වයක් තුළ මෙම පනත යටතේ ක්‍රියා කිරීමට බලයක් නොමැති රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ඇති කළ තනතුරකට අයත් වැටුපක් දෝෂ සහිතව දක්වා ලිපියක් නිකුත් කිරීමට අධිකාරි බලයක් නොමැති බව පිළිගන්නේද;
(iv) එහි, එම තනතුරෙහි වැටුප් පරිමාණය රු.50,520/-7x1320 -10x1560=75,360/- ලෙස සඳහන් කළද ඒ වනවිටත් චක්‍රලේඛ 2/97 iii අනුව තනතුරේ වැටුප් පරිමාණය වූ 85,440/- 5 x2460=97,740/- හි වාර්ෂික වැටුප රු. 95,280/- ක වැටුපක් ගෙවා ඇති බව පිළිගන්නේද;
(v) එසේ නම්, එය නිවැරදි කිරීමට ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ගය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-06
අසන ලද්දේ
ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks