E   |     |  

 දිනය: 2019-02-21   පිළිතුර ලබා දී ඇත 

0417/ 2019 - ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 417/’19

      ගරු ගාමිණී ලොකුගේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)           (i)      1978.12.01 දින ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සේවයට බැඳුනු කේ. විමලසේන මහතා 2016.11.24 දින සේවයෙන් විශ්‍රාම ගත් බවත්;

                    (ii)      ඔහුට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව රු. 2,047,425.25 ක් බවත්;

      (iii) එම මුදල 2016.12.24 දිනට පෙර ගෙවිය යුතුව තිබූ බවත්;

      (iv) විමලසේන මහතා පිළිකා රෝගයෙන් පෙළෙන බැවින් ඔහු ඉතා අසරණ තත්ත්වයට පත්වී ඇති බවත්;

      (v) මේ දක්වා විමලසේන මහතාට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව ගෙවා නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) විමලසේන මහතාට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව ගෙවනු ලබන්නේද;

      (ii) එසේ නම්,  එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-21

අසන ලද්දේ

ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කේ. විමලසේන මහතා : පාරිතෝෂික සහ අධිභාර මුදල් නොගෙවීම

පිළිතුරු දුන් දිනය

2019-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks