E   |     |  

 දිනය: 2019-07-09   පිළිතුර ලබා දී ඇත 

0454/ 2019 - ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 454/’19

      ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      මහනුවර දිස්ත්‍රික්කයේ,

                    (i)       සංචාරක ආකර්ෂණ ස්ථාන;

                   (ii)       සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් සපයන ආයතන;

                  (iii)       තරු අනුව වර්ගීකරණය කළ හෝටල් සංඛ්‍යාව නම් වශයෙන්;

      (iv) ඉංග්‍රීසි අක්ෂර අනුව වර්ගීකරණය කළ අවන්හල් නම් වශයෙන්;

      කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) 2017 වර්ෂය තුළ අමාත්‍යාංශය මඟින්,

      (i) සංචාරක ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් දියත් කළ වැඩසටහන් කවරේද;

      (ii) ඒ වෙනුවෙන් වැය කළ මුදල් ප්‍රමාණය කොපමණද;

      (iii) සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකළ වැඩසටහන් කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) ඉදිරි වර්ෂය තුළදී වැඩි වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා සකස් කර ඇති විශේෂ සැලසුම් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-09

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සංචාරක ව්‍යාපාරයේ අභිවෘද්ධිය: දියත් කළ වැඩසටහන්

පිළිතුරු දුන් දිනය

2019-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks