E   |     |  

 දිනය: 2019-03-13   පිළිතුර ලබා දී ඇත 

0461/ 2019 - ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 461/’19

      ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      වර්ෂ 2010 සිට අද දක්වා,

                     (i)      වයඹ පළාත් සභාවට ආදායම් ලැබුණු  මූලාශ්‍ර කවරේද;

                   (ii)      වයඹ පළාත් සභාවේ ආදායම හා වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) වයඹ පළාත් සභාවේ වාර්ෂික පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) පුනරාවර්තන වියදම හා ප්‍රාග්ධන වියදම යටතේ මුදල් වැය කරනු ලැබූ ක්ෂේත්‍ර වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) යහපාලන රජයේ යහපත් මූල්‍ය කළමණාකරණ ප්‍රතිපත්ති අනුව වයඹ පළාත් සභාව මෙහෙයවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2019-03-13

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වයඹ පළාත් සභාව: ආදායම සහ වියදම

පිළිතුරු දුන් දිනය

2019-03-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks