පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
464/’19
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවට මුහුණ පා සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පවුල් පදිංචි ග්‍රාම නිලධාරි වසම්වල නම් කවරේද;
(iii) පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා “පුත්තලමට නවෝදය” වැඩපිළිවෙළ යටතේ ගෙන ඇති පියවර කවරේද;
(iv) එම ව්‍යාපෘතිය යටතේ මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල පහසුකම් ලබා දී ඇති පවුල් සංඛ්‍යාව ග්‍රාම නිලධාරි වසම් අනුව කවරේද;
(v) පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-25
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පානීය ජල ගැටලුව : පුත්තලම දිස්ත්‍රික්කය
පිළිතුරු දුන් දිනය
2019-03-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks