E   |     |  

 දිනය: 2019-03-27   පිළිතුර ලබා දී ඇත 

0465/ 2019 - ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 465/’19

      ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      වනාතවිල්ලුව, පුබුදුගම ධීවර ගම්මානයේ සිට රෙඩ්බානා ධීවර ගම්මානය දක්වා “ඉපැරණි අම්බලම් ග්‍රාමීය මාර්ගය” නමින් මාර්ගයක් තිබෙන බවත්;

                   (ii)      එම මාර්ගය මේ වනවිට දැඩි ලෙස අබලන්වී තිබෙන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) එම ධීවර ගම්මානයේ ජීවත්වන ජනතාවගේ පහසුව සඳහා එම මාර්ගය සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය විසින්  ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-27

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉපැරණි අම්බලම් ග්‍රාමීය මාර්ගය : සංවර්ධනය

පිළිතුරු දුන් දිනය

2019-03-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks