E   |     |  

 දිනය: 2019-04-03   පිළිතුර ලබා දී ඇත 

0482/ 2019 - ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 482/’19

      ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (​i)      2018 වර්ෂයේ නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් බැහැරව එම තරඟාවලියේ විකාශන අයිතීන්/අනුග්‍රාහක ගෙවීම් තුන්වන පාර්ශ්වයක් හරහා සිදුකළ බව පිළිගන්නේද;

      (​ii) එසේ නම්, ඔවුන්ට හිමිවූ කොමිස් මුදල කොපමණද;

      (iii) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවීමට තිබූ සියලු මුදල් තුන්වන පාර්ශ්වයකට ලබා දීමට අනුමතිය ලබා දුන්නේ කවුරුන්ද;

      (​iv) එම වැරදි තීන්දුව ක්‍රියාත්මක කළ පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-04-03

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය - 2018 : විකාශන අයිතිය

පිළිතුරු දුන් දිනය

2019-04-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks