E   |     |  

 දිනය: 2019-05-07   පිළිතුර ලබා දී ඇත 

0510/ 2019 - ගරු විමලවීර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 510/’19

      ගරු විමලවීර දිසානායක මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)        දැනට ක්‍රියාත්මකව පවතින හා විසුරුවා හැර ඇති පළාත් සභාවල මන්ත්‍රීවරයන්ගෙන් කොටසකට  සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදී ඇති බවත්;

      (ii) එහෙත්, දැනට ක්‍රියාත්මකව පවතින හා විසුරුවා හැර ඇති පළාත් සභාවල ධූර දරන හා නොදරන මන්ත්‍රීවරයන්ගෙන් කොටසකට එම බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබා දීමට පියවර ගෙන නොමැති බවත්;

                 (iii) මෙතෙක් මන්ත්‍රී ධූර දරන හෝ නොදරන හෝ මන්ත්‍රීවරයන්ගෙන් ඇතමෙකු වසර පහක අඛණ්ඩ ධූර කාලයක් දරා ඇති අතර එයින් වැඩි පිරිසක්  මේ වන විට විසුරුවා හැර ඇති පළාත් සභාවල මන්ත්‍රීවරයන් බවත්;

       එතුමා දන්නෙහිද?

      (ආ) (i) මේ අනුව, පළාත් සභා මන්ත්‍රීවරයන්ගෙන් කොටසකට සහනදායී බදු පදනම මත බලපත්‍ර ලබාදී තිබියදී, එම සුදුසුකම් සියල්ල සපුරා ඇති වෙනත් මන්ත්‍රීවරයන් පිරිසකට එම බලපත්‍ර ලබා නොදීම බරපතළ අසාධාරණයක් බව එතුමා පිළිගන්නේද;

      (ii) එසේ නම්, එම වාහන ආනයන බලපත්‍ර මෙතෙක් හිමි නොවූ පළාත් සභා මන්ත්‍රීවරයන්ට එම බලපත්‍ර ලබාදීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-05-07

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පළාත් සභා මන්ත්‍රීවරු: වාහන ආනයන බලපත්‍ර

පිළිතුරු දුන් දිනය

2019-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks