E   |     |  

 දිනය: 2019-03-07   පිළිතුර ලබා දී ඇත 

0522/ 2019 - ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 522/’19

      ගරු විදුර වික්‍රමනායක මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      හොරණ මැතිවරණ කොට්ඨාසයේ කිරි ගොවීන් විසින් සපයනු ලබන දියර කිරි සඳහා මිල්කෝ ආයතනය විසින් සෑම මාසයකම 01 දින සිට 15 දින දක්වා දිනයන් සඳහා ඊළඟ දින 06 තුළදීද,  16 වන දින සිට අවසාන දිනය දක්වා වූ දිනයන් සඳහා ඊළඟ මාසයේ මුල් දින 06 තුළදීද මුදල් ගෙවීම සිදු කළ බවත්;

      (ii) නමුත්, පසුගිය මාස කිහිපයක සිට ගෙවීම් ප්‍රමාද වූ අතර 2018.05.01 සිට 2018.05.15 දින දක්වා කාලයට මැයි 31 දක්වාම ගෙවීම් කර නොමැති බවත්;

      (iii) මෙම තත්ත්වය හේතුවෙන් කිරි ගොවීන්ට දෙනුන්ට අවශ්‍ය ආහාර සැපයීම, දෙනුන් මිලදී ගැනීමට ලබාගත් ණය මුදල්වල වාරික ගෙවීම සහ තම එදිනෙදා වියදම් සිදුකිරීමට හැකියාවක් ලැබී නොමැති බවත්;

      (iv) කිරි නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් රටේ නිෂ්පාදනයටද බලපෑම් එල්ල වීමෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇති බවත්; 

      එතුමා දන්නෙහිද?

      (ආ) මෙම තත්ත්වය කිරි ගොවීන්ගේ ජීවිතවලට මෙන්ම, දේශීය කිරි නිෂ්පාදන ක්‍රියාවලිය අඩපන වීමට ද ප්‍රබල හේතුවක් විය හැකි බැවින්, පෙර පරිදි ක්‍රමානුකූලව ගෙවීම් සිදු කිරීම සඳහා පියවර ගන්නේ ද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-07

අසන ලද්දේ

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මිල්කෝ ආයතනය දියර කිරි සඳහා ගෙවීම් සිදු නොකිරීම : විධිමත් පියවර

පිළිතුරු දුන් දිනය

2019-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks