E   |     |  

 දිනය: 2019-03-09   පිළිතුර ලබා දී ඇත 

0525/ 2019 - ගරු මයන්ත දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 525/’19

      ගරු මයන්ත දිසානායක මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ ඇති අස්වද්දන ලද මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

                  (ii)      ඒ අතරින් මේ වනවිට වී වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

      (iii) ශ්‍රී ලංකාවේ තිබෙන පුරන් කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

      (iv) එම ඉඩම් වගා කිරීම සඳහා කඩිනම් සැලැස්මක් ක්‍රියාත්මක වන්නේද;

      (v) වී වගාව සඳහා අවශ්‍ය බීජ හා පොහොර නිසි පරිදි අප්‍රමාදව සැපයීමට ක්‍රියාමාර්ග ගෙන තිබේද;

      (vi) වී මිලදී ගැනීම සඳහා සකස් කර ඇති සැලසුම් කවරේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වී වගාව සඳහා තරුණ පරපුර ඉදිරිපත් නොවීම හේතුවෙන් සිදු වන ශ්‍රම බලකාය අඩුවීම සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද;

      (ii) වගාවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පහසු හා සහන මිල ක්‍රමයකට ලබා දීමට සැලසුම් කර තිබේද ;

      (iii) තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොමු කිරීම සඳහා ආකර්ෂණීය සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ නම්‍, එය කවරේද;

      (iv) ගොවීන්ගේ දරුවන්ට කෘෂිකර්ම අංශයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා වූ විශේෂ  සැලැස්මක් ක්‍රියාත්මක වන්නේද;

               යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-09

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks