E   |     |  

 දිනය: 2019-03-08   පිළිතුර ලබා දී ඇත 

0560/ 2019 - ගරු අ. අරවින්ද් කුමාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 560/’19

      ගරු අ. අරවින්ද් කුමාර් මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් වර්ෂ 2010 සිට මේ දක්වා කාලය තුළ රාජකාරි අවශ්‍යතා සඳහා සහ ලෝක බැංකු ආධාර ඇතුළු දේශීය හා විදේශීය ආයෝජන යටතේ වූ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් විදේශගත වූ අවස්ථා සංඛ්‍යාව කොපමණද;

      (ii) එම එක් එක් නිලධාරියාගේ නම, තනතුර, සංචාරය කරන ලද රට, සංචාරයේ අරමුණ, සංචාරයේ කාල සීමාව, සංචාරය සඳහා මුළු වියදම, (ගුවන් ටිකට් පත් ගාස්තු, යැපුම් දීමනා හා වෙනත් දීමනා) සහ ඒ සඳහා අරමුදල් සැපයූ දේශීය හෝ විදේශීය ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-08

අසන ලද්දේ

ගරු අ. අරවින්ද් කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරින් : විදේශ සංචාර

පිළිතුරු දුන් දිනය

2019-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks