E   |     |  

 දිනය: 2019-07-09   පිළිතුර ලබා දී ඇත 

0571/ 2019 - ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 571/’19

      ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වර්ෂ 2010 සිට 2014 දක්වා සහ 2017 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව බුලත් අපනයනය මඟින් ඉපැයූ ආදායම කොපමණද;

                   (ii)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ බුලත් වගාවේ නියුතු පවුල් සංඛ්‍යාව කොපමණද;

      (iii) අපගේ ප්‍රධාන බුලත් ගැණුම්කරුවා වන පාකිස්ථානය බුලත් සඳහා අධික බද්දක් පැනවීම හේතුවෙන් මේ වනවිට ගොවීන්ට බුලත් විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව දන්නේද;

      (iv) මේ සඳහා මැදිහත්වී බුලත් වගාකරන්නන්ගේ ජීවන මට්ටම උසස් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-09

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බුලත් වගාකරුවන්ගේ ගැටලු: විසඳුම්

පිළිතුරු දුන් දිනය

2019-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයා ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks