E   |     |  

 දිනය: 2019-07-26   පිළිතුර ලබා දී ඇත 

0577/ 2019 - ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 577/’19

      ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       කුරුණෑගල, මල්ලවපිටිය ලංකා විදුලිබල මණ්ඩල කාර්යාල පරිශ්‍රයේ දැවැන්ත විදුලි උත්පාදන යන්ත්‍ර සමූහයක් ස්ථාපිත කර තිබෙන බවත්;

                   (ii)       මෙම යන්ත්‍ර ක්‍රියාත්මක වීමේදී පිටවන අධික ශබ්දය හේතුවෙන් අවට ජනතාව දැඩි පීඩාවකට ලක්වී සිටින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මෙම යන්ත්‍ර සවිකිරීම සඳහා පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගෙන තිබේද;

      (ii) එසේ නම්, පාරිසරික ඇගයීම සිදුකළ ආයතනය කවරේද;

      (iii) මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-26

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මල්ලවපිටිය, ලංවිම පරිශ්‍රයේ ස්ථාපිත විදුලි උත්පාදන යන්ත්‍ර: පාරිසරික ගැටලු

පිළිතුරු දුන් දිනය

2019-07-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks