බලන්න

E   |     |  

 දිනය: 2019-08-09   පිළිතුර ලබා දී ඇත 

0605/ 2019 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 605/’18

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ලංකා විදුලිබල මණ්ඩලය හෝ එහි ‍නියෝජිත ආයතන විසින් විසන්ධි කරන ලද විදුලි සැපයුමක් නැවත සන්ධි කිරීමට රු.1300/- ක මුදලක් අය කරන්නේද;

                   (ii)      මීට වසරකට පෙර මෙම ගාස්තුව රු. 500/-ක් වූ බව පිළිගන්නේද;

      (iii) මෙම ගාස්තුව ඉහළ නැංවීමට හේතුව කවරේද;

      (iv) ගාස්තුව ඉහළ නැංවීම ගණනය කළ පදනම කවරේද;

      (v) විදුලි බිල්පතෙහි හිඟයක් ඇති විට එය කොටස් වශයෙන් ගෙවීමට ඉඩ නොදෙන්නේ මන්ද;

       

      (vi) වර්ෂ 2005 සිට 2018 දක්වා කාලය තුළ බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කළ නිවාස/ස්ථාන සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-09

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදුලිය ප්‍රතිසන්ධි ගාස්තු වැඩි කිරීම: හේතු

පිළිතුරු දුන් දිනය

2019-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks