පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
607/’18
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකාවේ,
(i) දෛනික විදුලි ඒකක නිෂ්පාදනය කොපමණද;
(ii) දෛනික විදුලි ඒකක ඉල්ලුම දිවා, රාත්‍රී වශයෙන් කොපමණද;
(iii) දිනකට, පෞද්ගලික අංශයේ විදුලි ඒකක දායකත්වය;
(iv) දිනකට, පුනර්ජනනීය බලශක්ති මඟින් නිපදවන විදුලි ඒකක සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) සූර්යබල සංග්‍රාමය වැඩසටහනෙහි,
(i) මූලික අරමුණු කවරේද;
(ii) එහි ප්‍රතිලාභ කවරේද;
(iii) ඔබ අමාත්‍යාංශයේ කාර්යභාරය කවරේද;
(iv) සූර්යබල ව්‍යාපෘති ඉටුකරන ලියාපදිංචි ආයතන කවරේද;
(v) ඉහත ආයතන ලියාපදිංචි කිරීම සඳහා සලකා බලන ප්‍රමිතීන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) ශ්‍රී ලංකාව දූපතක් වන බැවින්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස මුහුදු රැළි උපයෝගී කරගැනීමේ අවස්ථාවක් තිබියදීත්, අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු උනන්දුවක් නොදක්වන බව පිළිගන්නේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-11
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
සූර්යබල සංග්‍රාමය වැඩසටහන: විස්තර
පිළිතුරු දුන් දිනය
2019-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks