බලන්න

E   |     |  

 දිනය: 2019-08-09   පිළිතුර ලබා දී ඇත 

0614/ 2019 - ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 614/’18

      ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)           (i)     මහනුවර දිස්ත්‍රික්කයේ, උලපනේ, මොරගොල්ලේ ප්‍රදේශයේ ඉදිවන ජලවිදුලි             බලාගාරයේ ප්‍රධාන වේල්ලට මුල්ගල තබන දිනය කවරේද;

                    (ii)      එම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;

      (iii) නැවත පදිංචි කළ යුතු පවුල් සංඛ්‍යාව කොපමණද;

      (iv) වැඩ නිමකර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;

      (v) නැවත පදිංචි කිරීම් කටයුතු අවසන් කරනු ලබන දිනය කවරේද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) දැනට ඉදිවෙමින් පවතින ජල විදුලි බලාගාර අතරින් මෙම විදුලි ව්‍යාපෘතිය, මොරගහකන්ද වාරිමාර්ග ව්‍යාපෘතිය යටතේ ඉදිවන ජලවිදුලි බලාගාරයට පමණක් දෙවැනි වන බවත්;

      (ii) එහි ධාරිතාවය මෙගාවොට් 30ක් පමණ වන මෙම බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට වර්ෂයකට විදුලි ඒකක මිලියන 100ක් පමණ එක් කරමින් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීමට නියමිත බවත්;

        එතුමා දන්නෙහිද?

      (ඇ) මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-09

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උලපනේ, මොරගොල්ල ජලවිදුලි බලාගාරය ඉදිකිරීම: විස්තර

පිළිතුරු දුන් දිනය

2019-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks