E   |     |  

 දිනය: 2019-04-01   පිළිතුර ලබා දී ඇත 

0622/ 2019 - ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 622/’18

      ගරු ශෙහාන් සේමසිංහ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්ක‍යේ පවතින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩ‍‍ලයට අයත් ඩිපෝ සංඛ්‍යාව කොපමණද;

                   (ii)      අනුරාධපුර ඩිපෝවට අයත් බස්රථ සංඛ්‍යාව ‍කොපමණද;

                 (iii)      ඒ අතරින් ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින බස්රථ සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) 2018.09.21 දින අනුරාධපුර ඩිපෝවේ බස් රථ ධාවනය කර තිබේද;

      (ii) එදින ධාවනය කළ බස් රථවල ධාවන සටහන් ඉදිරිපත් කරන්නේද;

        (iii) එදින ලැබූ ආදායම කොපමණද;

      (iv) එදින වෙනත් කාර්යයක් සඳහා බස්රථ යොදවා තිබේද;

       (v) එසේ නම්, එම කාර්යය කුමක්ද; යෙදවූ බස් රථ සංඛ්‍යාව කොපමණද;

      (vi) එම කාර්යය සඳහා අදාළ අමාත්‍යාංශය විසින් ගෙවීම් කර තිබේ නම්, එම මුදල කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-04-01

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අනුරාධපුර දිස්ත්‍රික්ක‍යේ ශ්‍රීලංගම ඩිපෝ : විස්තර

පිළිතුරු දුන් දිනය

2019-04-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks