E   |     |  

 දිනය: 2019-08-23   පිළිතුර ලබා දී ඇත 

0635/ 2019 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 635/’18

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      විශ්වවිද්‍යාලවල පාලනාධිකාරියන්ට පෞද්ගලික සමාගම් සමඟ රහසිගතව ගිවිසුම් අත්සන් කිරීමට බලය දීමට හැකියාවක් තිබේද;

                  (ii)      පර්යේෂණයක් ආරම්භ කිරීමට පෙර එහි ප්‍රතිඵලවල අගය තීරණය කිරීමට නොහැකි බැවින්, රුපියල් 100/- වැනි අවම මුදලකට එහි ප්‍රතිඵල පෞද්ගලික සමාගමකට ලබාදිය හැකිද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) මොරටුව විශ්වවිද්‍යාල පාලක සභාව විසින් කෝඩ් ජෙන් නමැති පෞද්ගලික සමාගම සමඟ කෘතිම බුද්ධිය සම්බන්ධව පර්යේෂණයක් සඳහා 2017.02.06 දින ගිවිසුම් ගතවී තිබේද;

      (ii) එකී ගිවිසුම අනුව පර්යේෂණයේ ප්‍රතිඵලය එම සමාගමට රුපියල් 100/- ක මුදලකට හිමි කරදීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේද;

      (iii) මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි අන්තර්ගතය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන මණ්ඩල දැනුම්වත් නොකළේ මන්ද;

      (iv) මෙම ගිවිසුම හේතුවෙන් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන්ව තිබූ දේශන ශාලාවක් අදාළ සමාගමේ පරිහරණයට ලබා දී තිබේද;

      (v) එසේ නම්, ඒ කුමක් සඳහාද;

      (vi) දේශන ශාලාවක් ලබා දීම ගිවිසුමේ අඩංගු වන්නේ මන්ද;

      (vii) මෙම ගිවිසුම හා ඉන් ඇතිවන බලපෑම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විමසුමට භාජනය කරනු  ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-23

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මොරටුව විශ්වවිද්‍යාලය සහ කෝඩ් ජෙන් සමාගම අතර ගිවිසුම: විස්තර

පිළිතුරු දුන් දිනය

2019-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks