E   |     |  

 දිනය: 2019-04-02   පිළිතුර ලබා දී ඇත 

0675/ 2019 - ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 675/’19

      ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා,— සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් වර්ෂයකට විදේශීය සංචාරකයන් මිලියන 2.5 ක් ගෙන්වා ගැනීමේ ජාතික ඉලක්කයක් තිබෙන බවත්;

                   (ii)       ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වැඩි පිරිසක් මුහුදු වෙරළ කලාප නැරඹීමට එන  බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) එසේ නම්, ඒ සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

      (ii) ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිතව හඳුනාගෙන ඇති සංචාරක වෙරළ කලාප කවරේද;‍

      (iii) එම සංචාරක වෙරළ කලාප කඩිනමින් ස්ථාපිත කරන්නේ කෙසේද;

      (iv) මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) මේ ආකාරයට එක් වෙරළ කලාපයක් වැඩිදියුණු කිරීමට වැය වන මුදල කොපමණද;

      (ii) කිසියම් වෙරළ තීරයක් සංචාරක වෙරළ කලාපයක් ලෙස නිර්දේශිත සහතිකයක් ලබා ගැනීම සඳහා ගත වන කාලය කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්,ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-04-02

අසන ලද්දේ

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සංචාරක වෙරළ කලාප වැඩිදියුණු කිරීම : වැය වන මුදල

පිළිතුරු දුන් දිනය

2019-04-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් අලුවිහාරේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks