E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0676/ 2019 - ගරු චන්දිම ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 676/’19

      ගරු චන්දිම ගමගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ආසියානු සංවර්ධන බැංකු ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 368ක ඇස්තමේන්තුවකට NELSIP ව්‍යාපෘතිය මඟින් කැකිරාව ක්‍රීඩා පිටිය සංවර්ධනය කළ බවත්;

                   (ii)      ව්‍යාපෘතියේදී සිදු වූ අක්‍රමිකතා හේතුවෙන් ව්‍යාපෘතිය අත්හැර දැමීමට සිදු වූ බවත්;

       

       

       

      (iii) කැකිරාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව විසින් අනුරාධපුර පළාත් පාලන කොමසාරිස් මඟින් සහ NELSIP ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මඟින් තත්ත්ව පාලනය, ප්‍රමිතිය හා වැය කරන ලද මුදල් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇතත්, එවැනි වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත්;

      (iv) මෙම ව්‍යාපෘතියේ රුපියල් ලක්ෂ 35ක පමණ වංචා දූෂණ සිදු වී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) පළාත් පාලන ‍කොමසාරිස්, ප්‍රාදේශීය සභා සභාපති, උප සභාපති සහ ප්‍රාදේශීය ‍සභා ලේකම්ගේ අවශ්‍යතාවය මත මෙම ක්‍රීඩා පිටිය මහජන අයිතියට පැවරීමට සහ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට පෙර සංගීත සංදර්ශනයක් සඳහා  පරිහරණය කරන ලද බවත්;

      (ii) මෙම ක්‍රියාකලාපය මඟින් සිදු වූ වංචා දූෂණ වසන් කිරීමට උත්සාහ දරන බවත්;

      තවදුරටත් එතුමා දන්නෙහිද?

      (ඇ) පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට සහ ක්‍රීඩා පිටිය මහජන අයිතියට පවරන තෙක් පරිහරණය කිරීම ප්‍රමාද කරන ලෙස නියෝග කරන්නෙහිද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-11

අසන ලද්දේ

ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks