බලන්න

E   |     |  

 දිනය: 2019-08-07   පිළිතුර ලබා දී ඇත 

0677/ 2019 - ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 677/’19

      ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය වියළි කලාපයේ ඇති වැදගත් කෘෂි වගා පර්යේෂණ මධ්‍යස්ථානයක් බව පිළිගන්නේද;

                  (ii)      වර්ෂ 2010 සි‍‍ට 2018 දක්වා එහි පර්යේෂණ කටයුතු සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන්  කොපමණද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) එම කාලය තුළදී සොයාගත් භෝග වර්ග කවරේද;

      (ii) එම පර්යේෂණ කෘෂි ආර්ථිකයට බලපානු ලබන ආකාරය කවරේද;

       යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-07

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ පර්යේෂණ: ප්‍රගතිය

පිළිතුරු දුන් දිනය

2019-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks