පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
687/’18
ගරු බිමල් රත්නායක මහතා,— කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි තනතුරු (MA03-iii ශ්‍රේණිය) සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණයක් පැවැත් වූ බවත්;
(ii) එම පරීක්ෂණයෙන් සමත්වූවන්ට, ඔවුන් සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ බව හා එම තනතුර සඳහා තෝරාගෙන ඇති බව දන්වා ඇති බවත්;
(iii) ඊට අදාළ පත්වීම් ලිපිය යථා කාලයේදී එවන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියගේ අත්සන සහිත අංක NCPA/AU/418(i)(06) හා 2017.12.14 දිනැති ලිපිය මඟින් නුගේගොඩ, උඩහමුල්ල, කුඹුක්කන්ගහ පොකුණ පාර, 3 වැනි මාවතේ, අංක 58/5 දරන නිවසේ පදිංචි එච්. එල්. ඒ. ලුණුවිල මහත්මියට දන්වා ඇති බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) (i) මෙලෙස තෝරාගත් පුද්ගලයන් වෙනුවට දේශපාලන සම්බන්ධකම් පදනම් කර ගනිමින් වෙනත් පිරිසක් බඳවා ගැනීමට ක්‍රියාකරමින් පවතින්නේද;
(ii) ලුණුවිල මහත්මිය ඇතුළු සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වූ පුද්ගලයන්ට පත්වීම් ලබාදෙන්නේද;
(iii) එසේ නම්, එම පත්වීම් ලබාදෙනු ලබන දිනය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-11
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි තනතුර: පත්වීම්
පිළිතුරු දුන් දිනය
2019-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks