බලන්න

E   |     |  

 දිනය: 2019-06-20   පිළිතුර ලබා දී ඇත 

0769/ 2019 - ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 769/’19

      ගරු විදුර වික්‍රමනායක මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ, විවිධ සේවා සමූපකාර සමිතියේ, ග්‍රාමීය බැංකු ශාඛාවන්හි තැන්පත් කර ඇති රුපියල් කෝටි 54ක තැන්පත් මුදල් සම්බන්ධයෙන් සිදු වී ඇති අක්‍රමිකතාවයක් හේතුවෙන් සමුපකාර සමිතියට ප්‍රදේශයේ එදිනෙදා ජන ජීවිතයට බලපාන සේවාවන් ඉටුකරවා ගැනීමට ද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්;

      (ii) තැන්පත් මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි වීමෙන් තැන්පත්කරුවන්  සහ සමුපකාර සමිතියේ සාමාජිකයන් ගැටලුකාරි තත්ත්වයකට මුහුණ දී සිටින බවත්;

      (iii) මෙම තත්ත්වය හේතුවෙන් විවිධ සේවා සමූපකාර සමිතියේ සේවකයන්ගේ රැකියා පවා අහිමිවීමට ඉඩ ප්‍රස්ථාව පවතින බවත්;

      (iv) මෙම වංචාව හේතුවෙන් දිනෙන් දින අදාළ සේවාවන් බිද වැටීමෙන් සමූපකාර පද්ධතියම අගාධයට යෑමේ තත්ත්වයකට පත්වී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) මෙම අර්බූදය කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-06-20

අසන ලද්දේ

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සී/ස නැ‍ඟෙනහිර හේවාගම් කෝරළයේ, විවිධ සේවා සමුපකාර සමිතිය : තැන්පත් මුදල්

පිළිතුරු දුන් දිනය

2019-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බුද්ධික පතිරණ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks