E   |     |  

 දිනය: 2019-04-05   පිළිතුර ලබා දී ඇත 

0829/ 2019 - ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 829/19

       ගරු ඩග්ලස්  දේවානන්ද මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       එවකට නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන අමාත්‍යාංශය විසින් වවුනියාව දිස්ත්‍රික්කයේ, සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නිවාස 330ක් වෙන් කර තිබූ බවත්;

      (ii)  ඒ අනුව, වවුනියාව නේරියකුලම ග්‍රාම නිලධාරි වසමට අයත්  නේරියකුලම, ඉලුප්පෛකුලම, වේප්පන්කුලම, අලගපුරි සහ අඩම්පන්කුලම යනාදී ගම්මාන    5ට අයත් ප්‍රතිලාභීන් 40දෙනකු තෝරාගන්නා ලද  බවත්;

      (iii) වත්මන් තත්ත්වය අනුව සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ආරම්භයේදී වෙන්කර තිබු නිවාස 330 වෙනුවට නිවාස 150ක් පමණක් වෙන්කර ඇති බැවින්, ඉහත නේරියකුලම ග්‍රාම නිලධාරි වසමට අදාළව තෝරාගන්නා ලද ප්‍රතිලාභීන් 40දෙනාට නිවාස අහිමි වී ඇති බවත්;

        එතුමා දන්නෙහිද?

      (ආ) (i) ආරම්භයේදී වෙන්කර තිබූ පරිදි සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නිවාස 330ක් ලබාදීම සම්බන්ධයෙන් පවතින බාධාවන් කවරේද;

      (ii) නේරියකුලම ග්‍රාම නිලධාරි වසමේ මුලදී තෝරාගත් 40 දෙනාගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා ගත හැකි පියවර කවරේද;

      (iii) ඔවුන්ට නිවාස වෙන් කරනු ලබන දිනය කවරේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-04-05

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks