පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
834/’19
ගරු කේ. කාදර් මස්තාන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්යාතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2009 - 2012 කාලවකවානුවේදී යුද්ධයේ අවසන් අදියරේදී වවුනියා දිස්ත්‍රික්කයේ මැනික්ෆාම් කඳවුරෙහි අවතැන්වූ පවුල් දහස් ගණනක් රඳවා තබන ලද බව දන්නේද;
(ii) එම කාලවකවානුවේදී එහි රැඳී සිටි පවුල් සංඛ්‍යාව එක් එක් මාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත පවුල්වල සිටි මුළු පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඔවුන්ට එදිනෙදා පිසින ලද ආහාර ලබාදීම වෙනුවෙන් රජය වෙන්කළ මුදල කොපමණද;
(ii) පුද්ගලයෙකුගේ උදේ ආහාර වේල, දහවල් ආහාර වේල හා රාත්‍රී ආහාර වේල වෙනුවෙන් වෙන් කරන ලද මුදල කොපමණද;
(iii) බෙදා හරින ලද ආහාර නියමිත ප්‍රමිතියෙන් යුක්ත වූයේද;
(iv) ඔවුන්ට ආහාර ලබාදීමේදී, ජාත්‍යන්තර, දේශීය ආයතන හා තනි පුද්ගලයන් ලබාදෙන ලද දායකත්වය ඇතුළු සම්පූර්ණ විස්තර කවරේද;
(v) ලබා දෙන ලද ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබේද;
(vi) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-19
අසන ලද්දේ
ගරු කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks