පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
836/’19
ගරු කේ. කාදර් මස්තාන් මහතා,— රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2011 වර්ෂයේදී මල්වතු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර ව්‍යසනයෙන් මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජනතාව පීඩාවට පත්වූ බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ගංවතුර ව්‍යසනයෙන් පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පවුල් සඳහා සහන සැලසීමට රජය වෙන් කළ මුදල කොපමණද;
(iii) එම මුදලින් එක් පවුලකට ලබාදෙන ලද සහන මුදල කොපමණද;
(iv) සහන මුදල් ලබාදෙන ලද පවුල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එම මුදල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ බෙදා හරින ලද්දේ කවර ආයතන හෝ පුද්ගලයන් මඟින්ද;
(ii) එම ආයතන හෝ පුද්ගලයන්ගේ නම් සහ රාජකාරි ලිපිනයන් කවරේද;
(iii) එම ආයතන හෝ පුද්ගලයන්ට නිකුත් කරන ලද චෙක්පත් පිළිබඳ විස්තර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-23
අසන ලද්දේ
ගරු කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් පීඩාවට පත්වූ පවුල්: විස්තර
පිළිතුරු දුන් දිනය
2019-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks