පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
854/’19
ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 ජනවාරි සිට රු.10,000/-ක විශේෂ දීමනාව රාජ්‍ය සේවක වැටුපට එකතු කර මූලික වැටුප රු.10,000/-කින් ඉහළ නැංවීම නිසාත්;
(ii) 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ගේ වැටුපට එකී මුදල එකතු නොවීම නිසාත්;
විශ්‍රාමික රාජ්‍ය සේවක වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) අයවැය යෝජනා මඟින් නැවත වරක් රාජ්‍ය සේවක වැටුප් ඉහළ යාමෙන් එකී විෂමතාවය ඉහළ යන බැවින් එම විෂමතාවය ඉවත් කිරීමටත්;
(ii) විශ්‍රාමික රාජ්‍ය සේවකයා නිරන්තර වැටුප් විෂමතා ඉවත් කරගැනීමේ සටන්වල නිරත වීම වැළැක්වීමටත්;
(iii) රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම්වලදී ඉන් සාධාරණ ප්‍රතිශතයක් විශ්‍රාමික රාජ්‍ය සේවක වැටුපට එකතු කිරීමේ නිත්‍ය ක්‍රියා පිළිවෙතක් පැවතීමේ වැදගත්කමත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) මෙම වැටුප් විෂමතාවය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) වැටුප් විෂමතාවය නිවැරදි කරනු ලබන ප්‍රතිශතය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-23
අසන ලද්දේ
ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම්වලදී ඇති වන විශ්‍රාම වැටුප් විෂමතාව: නිවැරදි කිරීම
පිළිතුරු දුන් දිනය
2019-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks