E   |     |  

 දිනය: 2019-09-19   පිළිතුර ලබා දී ඇත 

0856/ 2019 - ගරු කනක හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 856/’19

      ගරු කනක හේරත් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, විධායක මට්ටමේ නිලධාරින් වන්දි ලබාදීමේ ක්‍ර‍මවේදය යටතේ ඉවත් කරනු ලැබුවේද;

                   (ii)       එසේ නම්, ඊට හේතුව කවරේද;

                 (iii)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, විධායක මට්ටමේ නිලධාරින් නැවත පත් කිරීමට කටයුතු කරන්නේද;

      (iv) එසේ නම්, එයට හේතුව කවරේද;

      (v) එම තනතුරු සඳහා සපුරාලිය යුතු අධ්‍යාපන හා අනෙකුත් සුදුසුකම් කවරේද;

      (vi) නැවත පත් කිරීමට බලාපොරොත්තු වන නිලධාරින් එම සුදුසුකම් සපුරා තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) 2018.12.20 දින සිට ලබා දෙන ලද පත්වීම්, උසස්වීම් සහ මාරුවීම් පමණක් නීත්‍යානුකූල කර තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-19

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය: විධායක මට්ටමේ නිලධාරින්

පිළිතුරු දුන් දිනය

2019-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks