E   |     |  

 දිනය: 2019-05-07   පිළිතුර ලබා දී ඇත 

0883/ 2019 - ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 883/’19

      ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ සීමිත තරඟ විභාගය 2015 වර්ෂයේ පවත්වා ඇති බව පිළිගන්නේද;

                   (ii)      2015 වර්ෂයේ මාර්තු 14,15,16,17,18,19 සහ 20 දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බව දන්නේද;

      (iii) එම සම්මුඛ පරීක්ෂණයෙන් බඳවා ගන්නා ලද පුද්ගලයන් බඳවා ගත් පදනම කවරේද;

      (iv) එම පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනය මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;

      (v) මෙම සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා නොගත් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් බව පිළිගන්නේද;

      (vi) මෙයින් 43 දෙනෙකුට පත්වීම් ලබාදී ඇති බව දන්නේද;

      යන්න එතුමා ‍සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) අභියාචනා ඉදිරිපත් කර තිබූ අංක 1487 යටතේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි එස්. කේ. කේ. ගුණතිලක මහත්මිය, මෙම සම්මුඛ පරීක්ෂණයට කැඳවා නොමැති බව දන්නේද;

      (ii) ඇය මෙම සම්මුඛ පරීක්ෂණයට නොකැඳවීමට හේතු කවරේද;

       

      (iii) අතපසුවීමකින් ඇය සම්මුඛ පරීක්ෂණයට කැඳවා නොමැති නම්, ඇය නැවතත් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා සුදුසුකම් සපුරා ඇත්නම්, බඳවා ගැනීමට කටයුතු කරන්නේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නේද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-05-07

අසන ලද්දේ

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම: විස්තර

පිළිතුරු දුන් දිනය

2019-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks