පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
930/’19
ගරු මුහම්මදු නසීර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, මහවැලි “සී” කලාපයේ පිහිටා තිබෙන එකම ජාතික පාසල වන අම්/දෙහිඅත්තකණ්ඩිය මධ්‍ය මහා විද්‍යාලය 3000 කට අධික ශිෂ්‍යයන් සහ 150කට ආසන්න අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් සිටින පාසලක් බව දන්නේද;
(ii) 2015, 2016, 2017 සහ 2018 වර්ෂවලදී එම පාසලේ භෞතික සම්පත් සහ මානව සම්පත් අවශ්‍යතා සපුරාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සමීක්ෂණයක් සිදු කරනු ලැබුවේද;
(iii) එසේ නම්, එම වාර්තාව අනුව එකී පාසලේ අවශ්‍යතා හඳුනාගැනීම සහ පාසල් පද්ධතියේ අවශ්‍යතා සපුරාදීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රගතිය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත (අ)(ii) අනුව හෝ දුෂ්කර ගම්මානවල ජීවත්වන දුප්පත් ළමුන්ගේ අනාගත යහපත උදෙසා හෝ එකී පාසලේ දියුණුව පිණිස රේඛීය අමාත්‍යාංශය මඟින් විශේෂ අවධානය යොමු කරන්නේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-03
අසන ලද්දේ
ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
අම්/දෙහිඅත්තකණ්ඩිය මධ්‍ය මහා විද්‍යාලය: මානව සහ භෞතික සම්පත්
පිළිතුරු දුන් දිනය
2019-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks