E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0932/ 2019 - ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 932/’19

      ගරු මුහම්මදු නසීර් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      මහනුවර දිස්ත්‍රික්කයේ, මාර්ග අංක 595 යටතේ පන්ගොල්ලාමඩ සිට අකුරණ, මහනුවර හරහා මහරගමට සහ කොළඹට ළඟාවන පරිදි ශ්‍රී ලංගම බස් රථයක් දිනපතා උදෑසන 4.15 ට ධාවනය වූ බව දන්නේද;

      (ii) මහරගම පිළිකා රෝහලට පැමිණෙන රෝගීන් ඇතුළු මහජනතාවගේ පහසුව පිණිස ක්‍රියාත්මක වූ එම බස් සේවාව නතර කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;

      (iii) එම බස් සේවාව අවසන් වරට ධාවනය වූ දිනය කවරේද;

      (iv) එම බස් සේවාව සතියේ සෑම දිනකම ධාවනය කිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-05

අසන ලද්දේ

ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks