E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0933/ 2019 - ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 933/’19

      ගරු මුහම්මදු නසීර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ඒ. එච්. එම්. ෆයිරුක් මහතා, කොළඹ, දාරුස්සලාම් මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිට අංක බප/කො/කලාප/ගුරුපා/7 හා 2006.06.30 දිනැති ලිපිය මඟින් 1989.03.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වූ උපගුරුවරයෙකු බව දන්නේද;

      (ii) එකී දිනයේ සිට විශ්‍රාම ගැන්වූ ෆයිරුක් මහතාට 1997.01.15 දින සිට විශ්‍රාම වැටුප ගෙවීම අනුමත කළද මෙතෙක් විශ්‍රාම වැටුප් ලබාදීම ප්‍රමාද කිරීමට හේතු කවරේද;

      (iii) වසර 25ක කාලයක් ගුරු සේවයේ නියුතුව සිට දැනට වයෝවෘද්ධ තත්ත්වයේ පසුවන ෆයිරුක් මහතාට හිමි විශ්‍රාම වැටුප කඩිනමින් ලබා දීම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් අදාළ ලිපිගොනු විශ්‍රාම වැටුප්  දෙපාර්තමේන්තුවට යොමු කිරීමටත් සහ විශ්‍රාම වැටුප් නොපමාව ලබාදීමටත් පියවර ගන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-06

අසන ලද්දේ

ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks