E   |     |  

 දිනය: 2019-07-12   පිළිතුර ලබා දී ඇත 

0949/ 2019 - ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 949/’19

      ගරු මුහම්මදු නසීර් මහතා,— තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      හජ් වන්දනා සඳහා බැතිමතුන් රැගෙන යෑම පිණිස නවක නියෝජිතයන් /ආයතන තෝරා ගැනීමේදී වසර පහක් සම්පූර්ණ වූ උම්රා බලපත්‍ර හිමියන් සහ ආයතනවලට ප්‍රමුඛත්වය ලබාදීමේ පිළිවෙතක් අනුගමනය කරන බව ඔබ අමාත්‍යාංශයෙන් / මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් කරන ලද බව දන්නේද;

       

       

      (ii) එසේ නම්, හජ් වන්දනා සඳහා බැතිමතුන් රැගෙන යෑම පිණිස තෝරා ගනු ලැබූ නියෝජිතයන් සහ ආයතන අතරින් බැතිමතුන්ගෙන් අයකරන මුදල් ප්‍රමාණයේ අවම ලංසුව ඉදිරිපත් කරනු ලැබූ “GI Travels” (ලි.ප. අංක MRCA/umra/041/2018) ආයතනය වෙත ඒ සඳහා අනුමතිය ලබාදීම පැහැර හැරීමට හේතුව කවරේද;

      (iii) වසර පහකට අධික කාලයක් උම්රා බලපත්‍රය හිමි, සතුටුදායක ලෙස වගකීම් ඉටුකරන සහ ඒ පිළිබඳව වඩාත් හැකියාවන් තිබෙන එම ආයතනය අවම වියදමින් හජ් බැතිමතුන් මක්කමට රැගෙන යෑමට ඉදිරිපත් වී සිටින බැවින් එම නියෝජිත ආයතනයටද ඒ සඳහා අවස්ථා ලබා දෙන්නේද;

               යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-12

අසන ලද්දේ

ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks