E   |     |  

 දිනය: 2019-08-22   පිළිතුර ලබා දී ඇත 

0965/ 2019 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 965/’19

      ගරු බිමල් රත්නායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      අනුරාධපුර, රත්මල්ගහවැව, නෙලුගොල්ලාකඩ පදිංචි එම්. එම්. ජවුෆර් මහතා ලංකා බැංකුවේ කහටගස්දිගිලිය ශාඛාවේ අංක 706863 දරන ගිණුම විවෘත කර විදේශ ගතවී  2006.06.01 සිට 2012 දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ උපයා ගත් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් ඉහත ගිණුමට බැර කර ඇති බවත්;

      (ii) 2012 දෙසැම්බර් මස ලංකාවට පැමිණ තම ගිණුමේ මුදල් ලබාගැනීමට ජවුෆර් මහතා උත්සාහ  කළ අවස්ථාවේ, රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචා සහගතව බැංකුවේ මුදල් කවුන්ටරයෙන් හා ස්වයංක්‍රීය ට්‍රෙලර් යන්ත්‍රය (ATM) මඟින් ආපසු ලබාගෙන තිබූ බවත්, ඒ පිළිබඳ වහාම ලංකා බැංකුවට දැනුම් දී තම මුදල් ආපසු ගෙවන මෙන් ඉල්ලා සිටියද, මෙතෙක්  එම මුදල් ආපසු ගෙවා නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ජවුෆර් මහතාට මෙම මුදල් හා ඊට හිමිවිය යුතු පොළිය ගෙවීමට කටයුතු කරන්නේද;

      (ii) එසේ නම්, ඒ කවදාද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-22

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

එම්.එම්.ජවුෆර් මහතාගේ බැංකු ගිණුම: වංචනික ගනුදෙනු

පිළිතුරු දුන් දිනය

2019-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks