E   |     |  

 දිනය: 2019-09-04   පිළිතුර ලබා දී ඇත 

1019/ 2019 - ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1019/’19

      ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා ගැසට් කරන ලද කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම රෙජිස්ට්‍රාර් තනතුරු සඳහා බඳවා ගැනීමේ පටිපාටිය කවරේද;

      (iii) ග්‍රාම නිලධාරි කොට්ඨාස හතරකට එක් අතිරේක උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයෙක් බැඟින් පත් කිරීමට කටයුතු යොදා තිබේද;

      (iv) එසේ නම්, ඒ මන්ද;

      (v) ප්‍රධාන රෝහල් සඳහා පත් කරන ලද වෛද්‍ය උප්පැන්න හා මරණ ලියාපදිංචි රෙජිස්ට්‍රාර්වරුන් සංඛ්‍යාව හා රෝහල් සංඛ්‍යාව කොපමණද;

      (vi) රෙජිස්ට්‍රාර් තනතුරු සඳහා බඳවා ගැනීමේ සම්ප්‍රදාය වෙනස් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේද;‍

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-04

අසන ලද්දේ

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුර: බඳවා ගැනීමේ පටිපාටිය

පිළිතුරු දුන් දිනය

2019-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks