පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1135/’19
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සෘජු හෝ වක්‍රව ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවනෝපය මාර්ගයක් වන එමෙන්ම, 100% දේශීය කර්මාන්තයක් වන සෙවිලි උළු කර්මාන්තය දියුණු කිරීමට රජය ගෙන ඇති පියවර කවරේද;
(ii) මෙම කර්මාන්තය සීඝ්‍ර කඩාවැටීමකට ලක්වී ඇති බව දන්නේද;
(iii) මෙම කර්මාන්තය බිඳ වැටීමෙන් දේශීය කර්මාන්තකරුවන් වන මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ට හා එම ආයතනවල සේවයේ නියුතු සේවකයන්ට අත්වන ඉරණම කවරේද;
(iv) ඇස්බැස්ටෝස් තහඩු නිපදවන බහු ජාතික සමාගම්වලට තීරුබදු සහන ලබාදෙමින් රජයේ ආයතනවලට ඇස්බැස්ටෝස් තහඩු මිලදී ගනු ලබන බව දන්නේද;
(v) දේශීය මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ට මේ වනවිට ලබා දී ඇති රාජ්‍ය අනුග්‍රහය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-10-23
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks