E   |     |  

 දිනය: 2011-01-20   පිළිතුර ලබා දී ඇත 

0844/ 2011 - ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0844/’10

       ගරු වික්ටර් ඇන්ටනි මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ) (i) ශ්‍රී ලංකාවේ දියුණුව අපේක්ෂා නොකරන බටහිර ගැති ඇතැම් දෙස් විදෙස් බලවේගයන්හි දැඩි බලපෑම් මධ්‍යයේ වුවද අතිගරු ජනාධිපතිතුමා විසින් අප රට ස්වයංව නගා සිටුවීමේ දැඩි අධිෂ්ඨානය පෙරදැරිව නෝරොච්චෝල තාප බලාගාරය අරම්භ කළ බවත්;

      (ii) එම තාප බලාගාරය ආරම්භ කිරීම සඳහා නොරොච්චෝල ප්‍රදේශය අවට පදංචිව සිටි ජනතාව අතිගරු ජනාධිපතිතුමා කෙරෙහි දැඩි විශ්වාසයකින් හා බලාපොරොත්තුවකින් යුතුව පොරොන්දු මත ඉවත් වූ බවත්;

      (iii) එම අවතැන් ජනතාවට නිවාස, වගාවන්, ඉඩම්, විදුලිය, මංමාවත්, පොදු ක්‍රීඩාපිටිය, දේවස්ථාන, ළදරු පාසල් සහ සියලුම සමාජ අවශ්‍යතාවයන් මෙම විදුලි ව්‍යාපෘතිය මඟින් නැවත ලබා දීමට පොරොන්දු වී ඇති බවත්;‍ එතුමා පිළිගන්නෙහිද?

       (ආ) (i) එසේ නම්, ලබා දුන් පොරොන්දු අනුව මේ වන විට එම ජනතාව වෙනුවෙන් ඉටුකර ඇති වැඩකටයුතු කවරේද;

      (ii) මෙතෙක් ඉටුනොවූ වැඩ කටයුතු කඩිනමින් ඉටුකර දීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-20

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks