E   |     |  

 දිනය: 2011-01-04   පිළිතුර ලබා දී ඇත 

0848/ 2011 - ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0848/’10 ගරු වික්ටර් ඇන්ටනි මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) පුත්තලම් දිස්ත්‍රික්කයේ ඇති එකම කෘෂි ආර්ථික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නෝරොච්චෝල ප්‍රදේශයේ බවත්; (ii) කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සාරවත් බවක් නොමැති දීර්ඝ වැලිබිම් තීරුවකින් වැසී ඇති බවත්; (iii) එම ප්‍රදේශයේ ගොවීන් විසින් යූරියා ඇතුළු රසායනික පොහොර යොදා සාරවත්කර ගනු ලබන එම අසාරවත් වැලිබිම් තීරුව තුළ ලංකාවට අවශ්‍ය රතුළුණු, එළවළු, පළතුරු අවශ්‍යතාවයෙන් 1/3ක් පමණ අතිසාර්ථකව නිෂ්පාදනය කරන බවත්; (iv) එසේ වුවද වී වගාවේදී රජය මඟින් යූරියා ඇතුළු අනෙකුත් පොහොර සඳහා ලබා දෙන සහනාධාරය කල්පිටිය ගොඩ ගොවිතැන් කරන ගොවීන්ට නොලැබෙන බවත් ; එතුමා දන්නෙහිද? (ආ) වී වගාව සඳහා ලබාදෙන පොහොර සහනාධාරය අසාරවත් පොළව සමඟ ගැටෙන්නාවූ අති දුෂ්කර කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගොඩ ගොවිතැන් කරන ගොවියන්ටත් ලබාදීම සුදුසු බව එතුමා පිළිගන්නෙහිද? (ඇ) එසේ නම් එම පොහොර සහනාධාරය කල්පිටියේ ගොවීන්ටත් ලබා දීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-04

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks