පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
12/2020
ගරු බුද්ධික පතිරණ මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 හා 2017 යන වර්ෂයන්හිදී කංසා මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට පත් දිස්ත්‍රික්ක මොනවාද;
(iii) 2016 හා 2017 යන වර්ෂයන්හිදී කංසා වැරදි සඳහා අත්අඩංගුවට පත්වීමේ ප්‍රවනතාවය ජනගහනයෙන් ලක්ෂයකට පුද්ගලයන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) නීති විරෝධී ලෙස කංසා වගා කර ඇතැයි සැලකෙන ඇස්තමේන්තුගත ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) නීති විරෝධී ලෙස වර්ෂයකට මෙරටට ආනයනය කරනු ඇතැයි සැලකෙන ඇස්තමේන්තුගත කංසා ප්‍රමාණය කිලෝ කොපමණද;
(iii) කංසා වගා කිරීම හා ආනයනය කිරීම අවම කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන තිබේද;
(iv) එසේනම්, එම ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
කංසා නීති විරෝධි වගාව සහ ආනයනය: අවම කිරීම
පිළිතුරු දුන් දිනය
2020-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චමල් රාජපක්ෂ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks