E   |     |  

 දිනය: 2011-01-21   පිළිතුර ලබා දී ඇත 

0868/ 2011 - ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0868/’10 ගරු දිලිප් වෙදආරච්චි මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ) (i) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තයේ නියැලි පිරිස අතරින් විශාල පිරිසක් මාදැල් ධීවර කර්මාන්තයේ නියැලී සිටි බවත්;

           (ii) සුනාමි ව්‍යසනය නිසා සියලුම මාදැල් විනාශයට පත්වූ බවත්;

           (iii) කුඩා ධීවර යාත්‍රා ධීවර කර්මාන්තයට හඳුන්වාදීම මඟින් මාදැල් ධීවර කර්මාන්තය පසු බෑමකට ලක්ව ඇති බවත්; එතුමා දන්නෙහිද?

       (ආ) (i) හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මාදැල් ධීවර කර්මාන්තය සිදුකරනු ලබන වරායවල් සංඛ්‍යාව කොපමණද;

             (ii) එම ධීවර වරායවල් කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

       (ඇ) (i) හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සුනාමි ව්‍යසනයට පෙර මාදැල් ධීවර කර්මාන්තයේ නියැලි ධීවර කාර්මිකයින්ගේ නම් සහ ලියාපදිංචි කර තිබූ මාදැල් සංඛ්‍යාව එක් එක් වරාය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද ;

            (ii) සුනාමි ව්‍යසනයෙන් පසු එම ධීවර වරායන් තුළ ලියාපදිංචි මාදැල් සංඛ්‍යාව හා මාදැල් ධීවර කාර්මිකයන්ගේ නම් කවරේද;

            (iii) සුනාමි ව්‍යසනය නිසා මාදැල් අහිමි වූ මාදැල් ධීවර කාර්මිකයන් සඳහා රජය ලබාදී ඇති සහන කවරේද;

            (iv) එම සහන ලැබුණු අයගේ නම් කවරේද;

            (v) එම සහන මෙතෙක් නොලැබුණු මාදැල් ධීවර කාර්මිකයින් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-21

අසන ලද්දේ

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks