පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
114/2020
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ආධුනික පොලිස් කොස්තාපල් නිල අංක 31470 එල්.පී.යූ. කරුණාරත්න මහතා 1990.11.04 දින පොලිස් සේවයට බැදී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ මූලික පුහුණුව ලබමින් සිටියදී 1991.03.04 දින සිට ඔහුගේ එම පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරනු ලැබූ බව දන්නේද;
(ii) එම පත්වීම අවලංගු කිරීමට හේතු කවරේද;
(iii) ඔහුගේ අභියාචනය සලකා බලා 1997.04.11 දින සිට නිල අංක 12271 යටතේ යළි ඔහු සේවයට බඳවා ගත් බව දන්නේද;
(iv) ඔහුගේ පත්වීම අවලංගු කර තිබූ වසර 06ක කාලයට ඔහුට ලැබිය යුතු උසස්වීම්, නොලැබීමට හේතු කවරේද;
(v) එම කාලයට අදාළව ඔහුට හිමි හිඟ වැටුප් ලබාදීමට කටයුතු නොකරන්නේ මන්ද;
(vi) ඔහුගේ උපන් දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-18
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks