පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
8/2020
ගරු හේෂා විතානගේ මහතා,— සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන බවත්;
(ii) එම ආයතනය මගින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවට වැඩිම ආදායමක් ලබාදෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව, එක් එක් කාර්තුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) වර්ෂ 2015 සිට 2019 දක්වා එමගින් ලැබුණු ආදායම එක් එක් වර්ෂය සහ කාර්තුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට අලි පැටවුන්ට කිරි පෙවීම සඳහා අවස්ථාවක් ලබා දීම මේ වනවිට නවතා තිබේද;
(ii) එසේ නම්, එයට හේතු කවරේද;
(iii) අලි පැටවුන්ට කිරි පෙවීම සඳහා සංචාරකයන්ට අවස්ථාවක් ලබා නොදීම හේතුවෙන් ආයතනය වාර්ෂිකව ලබන අලාභය කොපමණද;
(iv) ශ්‍රී ලංකාවට වටිනා සම්පතක් වන පින්නවල අලි අනාථාගාරය වැඩිදියුණු කිරීම සඳහා රජය මගින් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
(v) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-25
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පින්නවල අලි අනාථාගාරය: ආදායම/ අලාභය
පිළිතුරු දුන් දිනය
2020-09-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks