E   |     |  

 දිනය: 2020-12-04   පිළිතුර ලබා දී ඇත 

0021/ 2020 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 21/2020 ගරු හේෂා විතානගේ මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටියදී, 2015 වර්ෂයේ සිට ඝාතනය වූ පොලිස් නිලධාරින් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද; (ii) එම පොලිස් නිලධාරින් ඝාතනය වීමට හේතු කවරේද; (iii) එම නිලධාරින්ගේ අඹුදරුවන් ආරක්ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර කවරේද; (iv) නිලධාරින්ගේ ජීවිතාරක්ෂාව සහ ඔවුන්ගේ අඹුදරු රැකවරණය සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය වර්ධනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන්නේද; (v) එසේ නම්, එය සිදු කරනු ලබන කාලසීමාව සහ ක්‍රමවේදය කුමක්ද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටියදී 2015 වර්ෂයේ සිට ඝාතනය වූ පොලිස් නිලධාරින්ගේ අඹුදරුවන් වෙනුවෙන් ගෙවන ලද දීමනාවල වටිනාකම කවරේද? (ii) ඔවුන්ගේ වැන්දඹු අනත්දරු දීමනා නිසි පරිදි ගෙවා තිබේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) ඝාතනයට ලක්වීමෙන් පසු; (i) උසස්වීම් ලබා දී ඇති නිලධාරින් සංඛ්‍යාව කොපමණද; (ii) උසස්වීම් ලබා දී නොමැති නිලධාරින් සංඛ්‍යාව කොපමණද; (iii) උසස්වීම් ලබා දී නොමැති නිලධාරින් සඳහා උසස්වීම් ලබා නොදීමට හේතු කවරේද; යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-04

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

2020-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සරත් වීරසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks