E   |     |  

 දිනය: 2020-10-08   පිළිතුර ලබා දී ඇත 

0061/ 2020 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 61/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2015 වර්ෂයේ සිට මේ වනතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු දරන ලද/දරන පුද්ගලයන්ගේ නම් හා ඔවුන්ගේ තනතුරු කවරේද; (ii) එම කාලසීමාව තුළ එක් එක් පුද්ගලයා නිරත වූ නිල විදේශ සංචාර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iii) එම එක් එක් නිලධාරියාගේ නිල විදේශ සංචාර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද; (iv) එම නිල විදේශ සංචාර තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත් වු ප්‍රතිලාභ කවරේද; (v) යම් ප්‍රතිලාබයක් ලබා තිබේනම්, ඒ පිළිබඳ තොරතුරු මෙම සභාවට ඉදිරිපත් කරන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-08

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

2020-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තේනුක විදානගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks