පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0886’/10
ගරු විජිත හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගම්පහ දිස්ත්‍රික්කයේ පැපිලියවල, පල්ලේගම පිහිටි බප/ගම්/ආනන්ද විද්‍යාලයේ වර්ෂ 2011 සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත්කර ගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ දිනයන් කවරේද;
(ii) සුදුසුකම් ලද හා නොලද අයදුම්කරුවන්ගේ නම්, ලිපිනයන්, අදාළ ගනය හා ලකුණු වෙන් වශයෙන් කවරේද; යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ආ) (i) අමාත්‍යාංශයේ අදාළ චක්‍රලේඛයට අනුව අයදුම්පත්‍රයේ සඳහන් ලියාපදිංචි ඡන්ද හිමි නාම ලේඛනවල තොරතුරු සනාථ කර ගැනීම පිණිස ග්‍රාම නිලධාරී ලිපියක් අවශ්‍ය වන්නේද යන්නත්;
(ii) ග්‍රාම නිලධාරී ලිපියක් නොතිබූ පමණින් චක්‍රලේඛයේ සඳහන් අනෙකුත් සනාථ කිරීමේ ලිපි ලේඛන පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හැකියාව තිබේද යන්නත්; එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ග්‍රාම නිලධාරී ලිපියක් නොතිබූ ඇතැම් අයදුම්කරුවන් නැවත සම්මුඛ පරීක්ෂණයට වෙනත් දිනයක කැඳවා තිබූ බවත්;
(ii) ඒ සඳහා විධිමත් දැනුම් දීමක් කර නොතිබූ බැවින් එක් අයදුම්කරුවෙකු අසාධාරණයට ලක්ව ඇති බවත්; එතුමා පිළිගන්නෙහිද?
(ඈ) (i) මේ අනුව අසාධාරණයට ලක් වූ එම අයදුම්කරුට සාධාරණය ඉටුකර දීමටත්;
(ii) මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්; එතුමා පියවර ගන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-01-06
අසන ලද්දේ
ගරු විජිත හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks