පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
124/2020
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, යාපනය යන දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවගේ ප්‍රධාන රැකියාවලින් ධීවර වෘත්තිය එක් වෘත්තියක් බවත්;
(ii) එමගින් පවුල් දහස් සංඛ්‍යාවක් යැපෙන බවත්;
(iii) ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා නිසා මෙම ධීවරයන්ට දීර්ඝ කාලයක් තිස්සේ මසුන් ඇල්ලීමට මුහුදට යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්;
(iv) ඉහත ප්‍රදේශවලින් මුහුදු යන ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රාවලට ඉන්දියානු යාත්‍රාවලින් විනාශයන් සිදුවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවල නීතිවිරෝධී කටයුතු නතර කර අපගේ ධීවරයන්ට සුපුරුදු ලෙස ධීවර කටයුතුවල නියැලීම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දකුණු ප්‍රදේශවලින් බොහෝ ධීවරයන් මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණ නැවතී සිට ධීවර කටයුතුවල නිරත වන බවත්;
(ii) ඒ හේතුවෙන්, මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයන්ට තම ධීවර කටයුතුවල නිරතවීමට බාධා සිදුවන බවත්;
එතුමා දන්නෙහිද?
(ඈ) (i) දකුණේ ධීවරයන් ඉහත ප්‍රදේශවල ධීවර කටයුතුවල නියැලීම නවතා දැමීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-22
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
උතුරේ ධීවර කටයුතුවලට සිදුවන බාධා: වැළැක්වීම
පිළිතුරු දුන් දිනය
2020-09-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩග්ලස් දේවානන්දා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks